Tuesday, August 30, 2016

09. ආගම සන්ධිය ( V ) ( pali grammar in Sinhala )


ආගම සන්ධිය


ස්වරයා පර කල්හි ඇතැම් තැනක ය් ව් ම් ද් න් ත් ර් ළ් යන වර්ණයෝ ආදේශ වේ. ( යවමදනතරළාචාගමා)

උදා:-

න+ ඉදං
න+ය්+ඉ+දං ( යවමදනතරළාචාගමා)
නයිදං



ති+ අඞ්ගික
ති+ව්+අ+ඞ්ගික ( යවමදනතරළාචාගමා)
තිවඞ්ගික

ලහු+එස්සති
ලහු+ම්+එ+ස්සති ( යවමදනතරළාචාගමා)
ලහුමෙස්සති

අත්ත+අත්ථං
අත්ත+ද්+අ+ත්ථං ( යවමදනතරළාචාගමා)
අත්තදත්ථං

ඉතො+ආයති
ඉතො+න්+ආ+යති ( යවමදනතරළාචාගමා)
ඉතොනායති

තස්මා+ඉහ
තස්මා+ත්+ඉ+හ ( යවමදනතරළාචාගමා)
තස්මාතිහ

නි+උත්තරං
නි+ර්+උ+ත්තරං ( යවමදනතරළාචාගමා)
නිරුත්තරං

ස+ආයතනං
ස+ළ්+ආයතනං ( යවමදනතරළාචාගමා)
සළායතනං



















08. උ සහ ඔ යන්නට ව් ආදේශය ( V ) ( pali grammar in Sinhala )


උ සහ ඔ යන්නට ව් ආදේශය


ස්වරයා පර කල්හි "උ" සහ "ඔ" යන්නට "ව්" ආදේශ වේ.

01. > ව  ( වමොදු දන්තානං )


උදා:-

අනු + එති
අන්+උ+එති ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
අන්+ව්+එති ( වමොදු දන්තානං )
අන්+ වෙති
අන්වෙති

සු+ආගතං
ස්+උ+ ආගතං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ස්+ව්+ ආගතං ( වමොදු දන්තානං )
ස්+වාගතං
ස්වාගතං

නතු+එවං
නත්+උ+එවං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
නත්+ව්+එවං ( වමොදු දන්තානං )
නත්+වේවං
නත්වේවං

02.> ව (වමොදුදන්තානං )
උදා:-

සො + අස්ස
ස්+ඔ+අස්ස ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ස්+ව්+අස්ස (වමොදුදන්තානං )
ස්+වස්ස
ස්වස්ස

සො + අයං
ස්+ඔ+අයං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ස්+ව්+අයං (වමොදුදන්තානං )
ස්+ව්+ආ +යං (දීඝං) 
ස්වයං

සො + ආගතං
ස්+ඔ+ආගතං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ස්+ව්+ආගතං (වමොදුදන්තානං )
ස්වාගතං












07. එ සහ ඉ යන්නට ය් ආදේශය ( IV ) ( pali grammar in Sinhala )


එ යන්නට ය් ආදේශය

ස්වරයා පර කල්හි පද අන්තයේ වූ "එ" සහ "ඉ" හට " ය් " ආදේශ වේ. ( යමේදන්තස්සාදෙසො )

උදා :-

01> ය ( යමේදන්තස්සාදෙසො )

තෙ + අහං
ත්+එ+අහං  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ත්+ය්+අ+හං ( යමේදන්තස්සාදෙසො )
ත්+ය්+ආ+හං (දීඝං)
ත්‍යාහං

තෙ + අජ්ජ
ත්+එ + අජ්ජ ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ත්+ය් + අ+ජ්ජ ( යමේදන්තස්සාදෙසො )
ත්+ය+ජ්ජ
ත්‍යජ්ජ

මෙ + අහං
ම්+එ+අහං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ම්+ය්+අහං ( යමේදන්තස්සාදෙසො )
ම්+ය්+ආ+හං (දීඝං)
ම්‍යාහං

02.> ය ( ඉ වණ්ණො යං නවා )
උදා:-

සොත්ථි + අත්ථු
සොත්ථ් +ඉ+ අත්ථු ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
සොත්ථ් +ය්+ අත්ථු ( ඉ වණ්ණො යං නවා )
සොත්ථ් + ය +ත්ථු
සොත්ථ්යත්තු

වී + අඤ්ජන
ව් + ඉ + අඤ්ජන ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ව් + ය් + අඤ්ජන ( ඉ වණ්ණො යං නවා )
ව් + යඅඤ්ජන
ව්‍යඤ්ජන

පති + අන්තං
පත් + ඉ + අන්තං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
පත් + ය් + අන්තං ( ඉ වණ්ණො යං නවා )
පත් + යන්තං
පත්‍යන්තං

වුත්ති + අස්ස
වුත්ත් + ඉ + අස්ස ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
වුත්ත් + ය් + අස්ස ( ඉ වණ්ණො යං නවා )
වුත්ත් + යස්ස

වුත්ත්‍යස්ස






06. පුර්වස්වර දීර්ඝය ( III ) ( pali grammar in Sinhala )


අසවර්ණාදේශ සන්ධිය


පුර්වස්වරය ලොප් කළ කල්හි ඇතැම් තැනක අසවර්ණ ආදේශය සිදු වේ .(ක්වචාසවණ්ණං ලුත්තෙ)


01. අ + ඉ = එ        අ + ඊ = එ
02. අ + උ = ඔ        අ+ ඌ = ඔ

          01.  අ + ඉ = එ        අ + ඊ = එ
උදා:-

බන්ධුස්ස + ඉව
බන්ධුස්ස්+ අ + ඉව  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
බන්ධුස්ස්+ අ + ඉ+ව
බන්ධුස්ස්+ එ+ව (ක්වචාසවණ්ණං ලුත්තෙ)
බන්ධුස්සෙව

උප+ ඉක්ඛති
උප්+අ + ඉක්ඛති  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
උප්+අ + ඉ+ක්ඛති
උප්+ එ+ක්ඛති (ක්වචාසවණ්ණං ලුත්තෙ)
උපෙක්ඛති

ජින+ ඊරිතං
ජින්+ අ+ ඊරිතං  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
ජින්+ අ+ ඊ+රිතං
ජින්+ එ+රිතං (ක්වචාසවණ්ණං ලුත්තෙ)
ජිනෙරිතං
02. අ + උ = ඔ        අ+ ඌ = ඔ
උදා:-

චන්ද+උදය
චන්ද්+අ+ උදය  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
චන්ද්+අ+ උදය
චන්ද්+ ඔ+දය (ක්වචාසවණ්ණං ලුත්තෙ)
චන්දොදය

න + උපෙති
න්+අ + උපෙති  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
න්+අ + උපෙති
න්+ ඔ+පෙති (ක්වචාසවණ්ණං ලුත්තෙ)
නොපෙති

වාම+ ඌරු
වාම් +අ+ ඌරු  ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
වාම් +අ+ ඌරු
වාම්+ ඔ+රු (ක්වචාසවණ්ණං ලුත්තෙ)
වමොරු










05. සන්ධි - පරස්වර ලෝපය ( II ) ( pali grammar in Sinhala )



පරස්වර ලෝපය

අග පදයේ මුල් අකුර ( ස්වරය ) ලොප් කිරීම පරස්වර ලෝප සන්ධියෙන් සිදු වේ.



උදා :-

i. යස්ස + ඉදානි
   යස්ස + ඉ + දානි ( වා පරො අසරුපා )
   යස්ස + දානි
   යස්සදානි

i. සඤ්ඤා + ඉති
   සඤ්ඤා +  ඉ  + ති ( වා පරො අසරුපා )
   සඤ්ඤා + ති
   සඤ්ඤාති

iii. සො + අහං
     සො + අ + හං ( වා පරො අසරුපා )
     සො +  හං
     සොහං

iv. තෙ + අපි
     තෙ +  අ  + පි ( වා පරො අසරුපා )
     තෙ + පි
     තෙපි

v. ආකාසේ + ඉව
    ආකාසේ +  ඉ  + ව ( වා පරො අසරුපා )
    ආකාසේ + ව
    අකාසේව

vi . චාත්තාරො + ඉමෙ
      චාත්තාරො +  ඉ  + මෙ ( වා පරො අසරුපා )
      චාත්තාරො + මෙ
      චාත්තාරොමෙ

vii. යස්ස + ඉදානි
      යස්ස +  ඉ  + දානි ( වා පරො අසරුපා )
      යස්ස + දානි
      යස්සදානි

viii. වන්දෙ + අහං
       වන්දෙ +  අ  + හං ( වා පරො අසරුපා )
       වන්දෙ + හං
       වන්දෙහං









4.සන්ධි - පූර්වස්වර ලෝපය ( I ) ( pali grammar in Sinhala )

සන්ධි

වෙන් වෙන්ව තිබෙන වර්ණ දෙකක් අතරක් ඇති නොවන සේ ලෝප, ආදේශ, ආගම ආදී ව්‍යාකරණ රිතීන්ගේ ආධාරයෙන් එකට ගැලපීම සන්ධි කාර්යයෙන් සිදු වේ. මෙසේ පද දෙකක් සන්ධි කිරීමෙන් උච්චාරණ පහසුව ද ලිවීමේ පහසුව ද අසන්නන්ට ප්‍රිය උපදවන බව ද ඇතිකරයි. සන්ධි කාර්‍යය සිදුවන්නේ පද දෙකක් අතර පමණි. පද කිහිපයක් අතර සන්ධි කාර්‍යයක් සිදු නොවන බව දැනගත යුතු.
සන්ධි විධි 06 කි. i.    ලෝපය ii.   ආදේශය iii.  ආගම iv.  ද්විත්වය    v.   දිර්ඝය vi.  රස්සය   යනුවෙනි.



සන්ධි 04 කි
i. ස්වර සන්ධිය
ii. ව්‍යඤ්ජන සන්ධිය
iii. නිග්ගහිත සන්ධිය
iv. ප්‍රකෘති සන්ධිය


ස්වර සන්ධිය

මුල් පදයේ අග වර්ණයේ ද , අග පදයේ මුල් වර්ණයේ ද ස්වරයක් ඇති තන්හි ලෝප, ආදේශ, අගම ආදී සන්ධි කාර්යයන් වීමෙන් ගැලපෙනුයේ ස්වර සන්ධියයි. ස්වර සන්ධියේ ප්‍රභේද 04 කි.
i. පූර්වස්වර ලෝපය
ii. පරස්වර ලෝපය
iii. පූර්වස්වර දීර්ඝය
iv. පරස්වර දීර්ඝය යනුවෙනි.

පූර්වස්වර ලෝපය
මුල් පදයේ අග අකුර ( ස්වරය ) ලොප් (මකාදැමීම) කිරීම පුර්වස්වර ලෝප සන්ධියෙන් සිදුවේ.
උදා :-
     i.      ලොක + අග්ග                                                   
    ලොක්+ අ + අග්ග (සර සරේ ලෝපං)
    ලොක්+අග්ග
    ලෝකග්ග

    ii.        තීනි + ඉමානි
               තීන් + ඉ + ඉමානි (සර සරේ ලෝපං)
      තීන් + ඉමානි
               තීනිමානි

      iii.    පන+ඉමේ
              පන්+  අ  +ඉමේ (සර සරේ ලෝපං)
              පන්+ඉමේ
              පනිමේ

      iv.    භික්ඛුණි+ඕවාදං
              භික්ඛුණ් +  ඉ  + ඕවාදං
              භික්ඛුණ් + ඕවාදං
              භික්ඛුණොවාදං

      v.    ධනම්මෙ + අත්ථි
             ධනම්ම්+  එ  + අත්ථි
             ධනම්ම් + අත්ථි
             ධනම්මත්ථී

         vi. නොහි + එතං
              නොහ් +  ඉ  + එතං
              නොහ් + එතං
                නොහෙතං

       vi. මතු + උපට්ඨානං
            මාත්+ උ+ උපට්ඨානං
            මාත් + උපට්ඨානං
            මතුපට්ඨානං












3.අක්ෂර උත්පත්ති ස්ථාන ( pali grammar in Sinhala )


අක්ෂර උත්පත්ති ස්ථාන


පාලියෙහි වර්ණ උත්පත්ති ස්ථාන 08 කි. ඒ අනුව සියලු අකුරු නැවත මෙසේ වර්ග කල හැක : -

i. කණ්ඨජ අක්ෂර
ii. තාලුජ අක්ෂර
iii. මුර්ධජ අක්ෂර
iv. දන්තජ අක්ෂර
v. ඔෂ්ඨජ අක්ෂර
vi. කණ්ඨතාලුජ අක්ෂර
vii. කණ්ඨොෂ්ඨජ අක්ෂර
viii. දන්තෝෂ්ඨජ අක්ෂර




i. කණ්ඨජ අක්ෂර


                    බොටුව ආශ්‍රයෙන් උපදින බැවින් මෙම අක්ෂර කණ්ඨජාක්ෂර නම් වේ. ඒවා 08 කි :-

                         " අ ආ    ක ඛ ග ඝ ඬ      හ "    ( අ ක වග්ග හා කණ්ඨජා )

ii. තාලුජ අක්ෂර


                    තල්ල ආශ්‍රයෙන් උපදින බැවින් මෙම අක්ෂර තාලුජාක්ෂර නම් වේ. ඒවා 08 කි :-

                         " ඉ ඊ      ච ඡ ජ ඣ ඤ      ය "      ( ඉ ච වග්ගයා තාලුජා )

iii. මුර්ධජ අක්ෂර


                    මුදුන ආශ්‍රයෙන් උපදින බැවින් මෙම අක්ෂර මුර්ධජාක්ෂර නම් වේ. ඒවා 07 කි :-

                         " ට ඨ ඩ ඪ ණ      ර ළ "         ( ට වග්ග ර ළා මුද්ධජා )

iv. දන්තජ අක්ෂර


                    දත් ආශ්‍රයෙන් උපදින බැවින් මෙම අක්ෂර දන්තජාක්ෂර නම් වේ. ඒවා 07 කි :-

                         " ත ථ ද ධ න      ල ස "               ( ත වග්ග ල සා දන්තජා )


v. ඔෂ්ඨජ අක්ෂර


                    තොල් ආශ්‍රයෙන් උපදින බැවින් මෙම අක්ෂර ඔෂ්ඨජාක්ෂර නම් වේ. ඒවා 07 කි :-

                         " උ  ඌ       ප  ඵ  බ  භ  ම "     ( උ ප වග්ගා ඔට්ඨජා )

vi. කණ්ඨතාලුජ අක්ෂර


                    " එ " යන්න බොටුව හා තල්ල ආශ්‍රයෙන් උපදී ( එ කණ්ඨතාලුජෝ )

vii. කණ්ඨොෂ්ඨජ අක්ෂර


                    " ඔ "  යන්න බොටුවෙන් හා තොල් ආශ්‍රයෙන් උපදී ( ඔ කණ්ඨොට්ඨජො )


viii. දන්තෝෂ්ඨජ අක්ෂර



                    " ව " කාරය දත් වලින් හා තොල් වලින් උපදී. ( වො දන්තොට්ඨජො )