සන්ධි
වෙන් වෙන්ව තිබෙන වර්ණ දෙකක් අතරක් ඇති
නොවන සේ ලෝප, ආදේශ, ආගම ආදී ව්‍යාකරණ රිතීන්ගේ ආධාරයෙන්
එකට ගැලපීම සන්ධි කාර්යයෙන් සිදු වේ. මෙසේ පද දෙකක් සන්ධි කිරීමෙන් උච්චාරණ පහසුව
ද ලිවීමේ පහසුව ද අසන්නන්ට ප්‍රිය උපදවන බව ද ඇතිකරයි. සන්ධි කාර්‍යය සිදුවන්නේ පද
දෙකක් අතර පමණි. පද කිහිපයක් අතර සන්ධි කාර්‍යයක් සිදු නොවන බව දැනගත යුතු.
සන්ධි විධි 06 කි. i. ලෝපය
ii. ආදේශය
iii. ආගම
iv. ද්විත්වය v. දිර්ඝය vi. රස්සය
යනුවෙනි.
සන්ධි 04 කි
i.
ස්වර සන්ධිය
ii.
ව්‍යඤ්ජන සන්ධිය
iii.
නිග්ගහිත සන්ධිය
iv.
ප්‍රකෘති සන්ධිය
ස්වර සන්ධිය
මුල් පදයේ අග වර්ණයේ ද , අග පදයේ මුල් වර්ණයේ ද ස්වරයක් ඇති තන්හි ලෝප, ආදේශ, අගම ආදී සන්ධි කාර්යයන් වීමෙන් ගැලපෙනුයේ ස්වර
සන්ධියයි. ස්වර සන්ධියේ ප්‍රභේද 04 කි.
i.
පූර්වස්වර ලෝපය
ii.
පරස්වර ලෝපය
iii.
පූර්වස්වර දීර්ඝය
iv.
පරස්වර දීර්ඝය යනුවෙනි.
පූර්වස්වර ලෝපය
මුල් පදයේ අග අකුර ( ස්වරය ) ලොප්
(මකාදැමීම) කිරීම පුර්වස්වර ලෝප සන්ධියෙන් සිදුවේ.
උදා :-
i.
ලොක + අග්ග
ලොක්+ අ + අග්ග (සර සරේ ලෝපං)
ලොක්+අග්ග
ලෝකග්ග
ii.
තීනි + ඉමානි
තීන් + ඉ + ඉමානි (සර සරේ ලෝපං)
තීන් + ඉමානි
තීනිමානි
iii.
පන+ඉමේ
පන්+ අ +ඉමේ
(සර සරේ ලෝපං)
පන්+ඉමේ
පනිමේ
iv.
භික්ඛුණි+ඕවාදං
භික්ඛුණ් + ඉ +
ඕවාදං
භික්ඛුණ් + ඕවාදං
භික්ඛුණොවාදං
v.
ධනම්මෙ + අත්ථි
ධනම්ම්+ එ +
අත්ථි
ධනම්ම් + අත්ථි
ධනම්මත්ථී
vi. නොහි + එතං
නොහ් + ඉ +
එතං
නොහ් + එතං
නොහෙතං
vi. මතු + උපට්ඨානං
මාත්+ උ+ උපට්ඨානං
මාත් + උපට්ඨානං
මතුපට්ඨානං
No comments:
Post a Comment