ස්වර
තනිව
උච්චාරණය කල හැකි නිසා ද හුදකලාව උසුරුවිය හැකි නිසා ද මෙම අක්ෂරයෝ ස්වර ලෙස
හඳුන්වමු. එම ස්වර අට
( 08
)කි.
අ ආ ඉ ඊ උ
ඌ එ ඔ
මෙම
ස්වර අට ( 08 ) ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එනම්
- රස්ස ස්වර
- දීර්ඝ ස්වර යි.
01 රස්ස ස්වර
අ,
ඉ, උ
යනු
හ්රස්ව ස්වරයි. උච්චාරණය සඳහා මාත්‍රා එකක් පමණක් ගතවන බැවින් මෙම අක්ෂරයෝ හ්රස්ව
ස්වර ලෙස බාලවතරයේ හඳුන්වා ඇත(ලහු මත්තා තයෝ රස්සා ).
02 දීර්ඝ
ස්වර
ආ, ඊ, ඌ,
එ, ඔ
(අඤ්ඤෙ දීඝා) උච්චාරණ කාලය මාත්‍රා දෙකක් බැවින් මෙම වර්ණයෝ
දීර්ඝ නම් වේ. දීර්ඝ අක්ෂරයෝ 05 කි.
- සමානාක්ෂර
හ්රස්ව - දීර්ඝ වශයෙන් එකිනෙකට සමාන අක්ෂර සමනාක්ෂර ලෙස හඳුන්වයි. පාලි ව්‍යාකරණයේ එවැනි සමානාක්ෂර
විශේෂයක් නියම කොට නැතත් අ, ඉ,
උ යන ස්වර තුන සමාන ස්වර(සමනාක්ෂර) ලෙස සැලකේ.
" අ " යන්න " ආ " යන්නට ද
" ඉ " යන්න " ඊ " යන්නට
ද
" උ " යන්න " ඌ "
යන්නට ද සමාන වෙත්.
ව්‍යඤ්ජන
" ක " යන්නේ සිට "
අං " යන්න දක්වා ඇති අක්ෂර 33 ව්‍යඤ්ජනාක්ෂර
ලෙස හඳුන්වයි.
( සරෙ ඨපෙත්වා සෙසා කාදයො බ්‍යඤ්ජනා ) මෙහි ප්‍රධාන ප්‍රබේධ 05 කි.
- වර්ගාක්ෂර
- ඝෝෂාක්ෂර
- අඝෝෂාක්ෂර
- වර්ගන්තාක්ෂර
- නිග්ගහිතය
වශයෙනි.
i. වර්ගාක්ෂර
ක ඛ ග ඝ ඞ
ච ඡ ජ
ඣ ඤ
ට ඨ ඩ
ඪ ණ
ත ථ ද
ධ න
ප ඵ බ
භ ම
" ක " යන්නේ සිට "
ම " යන්න දක්වා වූ වර්ණ 25 වර්ගාක්ෂර ලෙස බාලාවතරයේ මෙසේ හඳුන්වා ඇත ( බ්‍යඤ්ජනානං කාදයො මකාරන්තා පඤ්ච පඤ්චසො අක්ඛරවන්තො වග්ගා ). ස්පර්ශාක්ෂර නමින් ද හඳුන්වන මෙම වර්ණයෝ එක් එක් වර්ගයෙහි
ආදී වර්ණයේ නම සලකා
" ක " වර්ගය
" ච " වර්ගය
" ට " වර්ගය
" ත " වර්ගය
" ප " වර්ගය
ආදී නම් වලින් හඳුන්වයි.
ii. ඝෝෂාක්ෂර
ග
ඝ ඞ
ජ ඣ ඤ
ඩ ඪ ණ
ද ධ න
බ භ ම ය
ර ල ව
හ ළ
වර්ගයන්ගේ
පළමු හා දෙවන වර්ණ හැර ළ යන්න දක්වා ඇති අක්ෂර ඝෝෂාක්ෂරයි.
( ළන්තාඤ්ඤෙ ඝෝසා )
iii. අඝෝෂාක්ෂර
ක ඛ ච
ඡ ට ඨ
ත ථ ප
ඵ ස වර්ගයන්ගේ පළමු දෙවන අකුරුත් ස යන්නත් අඝෝෂාක්ෂර ලෙස හඳුන්වයි. ( වග්ගානං පඨම දුතියා සොචාඝෝසා )
iv. වර්ගන්තාක්ෂර
ඞ ඤ ණ
න ම වර්ගයන්ගේ
අන්තයෙහි පිහිටා ඇති බැවින් මෙම වර්ණයෝ වර්ගන්තාක්ෂර නම් වෙත්.
v. නිග්ගහීතය
(o) බින්දුව
නිග්ගහිතය නම් වේ. මෙම නිග්ගහීතය තනිව නොයෙදේ.
No comments:
Post a Comment